දිගාමඩුලු පුරවරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.....මේවන විට දහස් ගනනක් සිසුන්ගේ දෑස් විවර කළ අම් වෑරන්කටගොඩ මහා විද්‍යාලයේ (ජාතික පාසල) ඉතිහාසය මෙසේ සනිටුහන් විය..............
නැගෙනහිර පළාතේ දිගාමඩුල්ල ප්‍රදේශයට අයත් වූ මඩ/මණ්ඩූර් අංක 28 මිශ්‍ර පාසල 1956.03.02 වන දින එක් ගොඩනැගිල්ලකින් ආරම්බ වී ඇත....එදින මුල් ගුරුතුමා වූයේ ඊ.රිචට් මහතාය.....මුල් උප ගුරු වූයේ යසවතී ගුරු මෑණියන්ය....තවත් ගුරුවරුන් දෙදෙනෙක්ද එවකට සේවයට පැමිණ තිබිණි...එදින මුල් සිසුවා වූයේ බස්නායක මහතායි.ඔහු ඇතුලු තවත් ශිෂ්‍යයින් 133 දෙනෙක් සමග අප පාසලේ ප්‍රථම ඉගැනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ආරම්භ විය...
ක්‍රමානූකූල විකාශනයත් සමග 1973.07.31 වන දින මෙම පාසල මහා විද්‍යාලයක් බවට පත් කර අම්/වෑරැන්කැටගොඩ මහා විද්‍යාලය නමින් නම් කෙරිණි.මෙසේ නම් කිරීමට හේතු වී ඇත්තේ පාසල අසල තිබූ වැවෙහි තිබී රන්කැට හමු වීමයි...එම නිසා වෑරැන්කැටගොඩ යන විරුද්ධාවලිය ලැබීය..වර්තමානය වන විට 1-13 ශ්‍රේණි සදහා අද්‍යාපනය සපයන ජනප්‍රිය පාසලක් ලෙස වෑරැන්කැටගොඩ පාසල පෙන්වා දිය හැක....තවද ජාතික පාසල් දහසක් ගොඩ නැගීමේ ව්‍යාපෘතියෙන් 2021.08.10 වන දින අප පාසල අම්/වෑරැන්කැටගොඩ ජාතික පාසල නමින් පාසල් ඉතිහාසය තුළ රන් අකුරින් ලිවවිණි......

|
ආරම්භ කළ වර්ෂය |
1956.03.02 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
04 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඊ.රිචඩ් මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
වෑරැන්කැටගොඩ මහා විද්‍යාලය |
|
පාසල රජයට පවරාගත් දිනය |
1973.07.31 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
අම්පාර,වෑරැන්කැටගොඩ හංදිය අසල
|
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
බී.ඒ.බස්නායක |