පාසල් ගීතය
සිගිති මිහිරි මුදු හද බැතියෙන්
සමගිය සාමය පතුරවමින්
පෙරමුණ ගනිමින් ජයගෙන නිතියෙන්
සැදෙමු වැඩෙමු සිත කය දිරියෙන්..........
කීකරු කම උත්සාහය හා
තැම්පත් ගුණ නුවණින් යුතු වී
දෙස බස රකිමින් කිතුගොස නගමින්
හෙළ බස දැය බොදු දම් රකිමින්........
වෑරැන්කැටගොඩ මවුනි අපේ
දූදරුවන් වෙමු වීර ඔබේ
හෙළ විරු දරුවන් ඔබගේ සෙවනේ
සිහිකරමින් සැමදා වොරැදේ.....